ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමාත්‍යධූර දෙන්නැයි එජාපයෙන් ජනපතිට ලියුමක්

එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එජාපයේ සාමාජිකයන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පැවසේ.

එලෙස අමාත්‍යධුර ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලා ඇත්තේ විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන්ටය.

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර වැඩි කරන ලෙස ඉල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here