මාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය අගෝස්තුවේදී

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගොස්තු මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.

මංතීරු හතරකින් සමන්විත මෙම කොටසේ ඉදිකිරීම් සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 252 කි.

ව්‍යාපෘති අධ්‍යක්ෂක කේ.ඩබ්. කණ්ඩම්බි මහතා පවසන්නේ මේ වනවිට එම ව්‍යාපෘතියේ කටයුතුවලින් 90% ක් පමණ අවසන් කර ඇති බවය.

මෙම කොටස කිලෝමීටර් 96 ක් දිගින් යුක්ත වන අතර වගුරු බිම් බහුල හෙයින් මාර්ගය කුළුණු මතින් දිව යන අතර  ඒ හේතුවෙන් පරිසර හානිය අවම කර ගැනීමට මෙන්ම ගංවතුර අවදානම අවම කර ගැනීමට ද හැකියාව ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here