ජනපතිගේ ධූර කාලය ගැටළුවක්

ජනාධිපතිවරයා දිවුරුම් දුන් දිනය සහ ධුර කාල සීමාව වෙනස් කෙරුණු දිනය පිළිබඳ ගැටළුවක් ඇති බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් නීතිමය තත්වය සොයා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මින් පෙර සිටි විධායක ජනාධිපතිවරුන්ට වසර හයක කාලයක් ධුරය දැරිය හැකි වුවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වූ බව පවසන අමාත්‍යවරයා එහෙත් එම කාලසීමාව තීරණය වන්නේ ජනාධිපතිවරයා අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන් දිනයේ සිටද නැතිනම් කථානායකවරයා අදාළ ව්‍යවස්ථා සංශෝධනය අත්සන් තැබූ දිනයේ සිටද යන්න පිළිබඳව කීමට තමන්ට දැනුමක් නොමැති බැවින් ඒ පිළිබඳව අධිකරණයෙහි මතය විමසිය යුතු බවද වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here