Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චන්ද්‍රිකාගේ සංධානය නැවතත් කරළියට

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් ගොඩ නැංවීමට සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම සංධානය සම්බන්දයෙන් පසුගියදා විටින විට තොරතුරු පැවසිනි. නමුත් එය මදක් දේශපාලන පොර පිටියෙන් ඈත් වුවත් නැවත්ත එය කතා බහට පත්වී ඇත්තේ ඉදිරි මැතිවරණයත් සමගිණි. මිට විශේෂම හේතුව වන්නේ ශ්‍රීලනිපයේ සමහර මන්ත්‍රීන් පිරිසම් පොදුජන පෙරමුණ සමග එක් වීමට දක්වන විරෝධතාවය මෙන්ම ඔවුන් එජාපයට එකතු වීමට දක්වන විරෝධතාවය බව පැවසේ.

මේ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සමග සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත. එහිදී දුමින්ද දිසානායක මහතා මෙම නව සංධානයේ මහලේකම් ධූරය හොබවන බව සදහන් වේ.

දැනටම ආණ්ඩුව පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඊට අයත් බව සදහන්ය.

 

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: