SPC බෙහෙත් වලට වට්ටම් ලැබෙන්නේ කාටද ?

ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

එ අනුව මෙය ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත උපදෙස් ලබා දී ඇති.

එමෙන්ම මේ වන විට ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට ඖෂධ මිලදී ගැනීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් සියයට 5 ක වට්ටම් මුදලක් ලබා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here