Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සුදු අලි දන්නේ අපි කල ඒවා විවෘත කරන්න. විපක්‍ෂනායකගෙන් දෝස්මුරයක්

මෙතෙක් කල් එජාපය විවෘත කළේ රාජපක්ෂ සමයේ හදපු ඒවා බවත් රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී මුල්ගල් තැබූ තෙල් පිරිපහදුව නිමා කිරීමට කොතෙක් කලක් ගතවේදැයි තමන් නොදන්නා බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේම සංවර්ධනය කිරීම හොඳ දෙයක් බවත් පසුගිය වසර හතරේ කිසිදු සංවර්ධන කටයුත්තක් ආණ්ඩුව සිදු නොකළ බවතද පවසන විපක්ෂ නායකවරයා දැන් ඔවුන් නින්දෙන් අවදිවූවාක් මෙන් මුල්ගල් තබමින් යන බව පවසයි.

යාල වල් අලින් සිටින බවටත් හම්බන්තොට සුදු අලින් සිටින බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විරෝධය පළකරමින් ඔහු මේ අදහස් පළ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: