විදුලි කැපීමට අනුමැතියක් නැති වුවත් සති අන්තයේ විදුලි කැපීම් වෙනස්

දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කෙරෙන විදුලිය කපා හැරීම අද (25) සිට ආරම්භ වේ.

මෙහිදී  දිවා කාලයේදී පැය 03ක් සහ රාතී‍්‍ර කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් දිනකට විදුලිය කපා හැරෙනු ඇත. එමෙන්ම නසුරාදා දිනවලදි විදුලිය කපා හැරෙන්නේ දිනකට පැය 02 යි විනාඩි 15ක් පමණයි. ඉරිදා දිනවල විදුලිය කපා කැපීමක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මෙලෙස සිදු කරන විදුලි කප්පාදුවට තම අනුමැතිය ලබාදී නොමැති බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි. ඔවුන් සදහන් කරන්නේ විදුලි අත්හිටුවීමක දී ඒ පිළිබඳ තම කොමිසන් සභාව දැනුවත් කළ යුතු බවය. නමුත්  මෙතෙක් සිදු වූ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් දන්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළද මේ දක්වා ඊට ප‍්‍රතිචාර නොලැබුණු බව ද ඔවුන් වැඩි දුරටත් පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here