බුදුන්ටවත් පක්ෂග්‍රාහී නොවන්න.FCID ලොක්කාගෙන් සෙස්සන්නට නියෝග

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ කාර්යාලයෙහි ඉදිරිපසම තැන්පත් කර තිබෙන බුදු පිළිමය සුදුසු වෙනත් ස්ථානයක ස්ථාපනය කරන ලෙස එම ආයතනයෙහි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා එහි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ ගැන මෙසේ පවසා ඇත,

“මේ පිළිම වහන්සේ වෙනත් තැනකට වැඩම කරවමු. මොකද මෙතන නීතිය ආරක්ෂා කරවන, යුක්තිය වෙනුවෙන් වැඩ කරන තැනක්. අපේ රාජකාරිය තුළදී ජාති, ආගම්, කුල, පක්ෂ, පාට කිසිම භේදයක් තියෙන්න බැහැ. ඒ කිසිම කොටසකට පක්ෂපාතී වෙන්න බැහැ. මෙතනට එන්නේ බෞද්ධ අය විතරක් නෙවෙයි, අන්‍යාගමික අයත් එනවා. අපි ඒ හැමෝමට ආදර්ශයක් දෙන්න ඕනේ අපි රාජකාරියේදී බුදුන්ට පවා පක්ෂපාතී නැති මිනිස්සු කියලා. එතකොට ඒ අන්‍යාගමිකයින්ටත් අපි ගැන හොඳ ආකල්පයක් එනවා අපේ අපක්ෂපාතීත්වය ගැන. බුද්ධාගම අදහන එක, බුදුන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක ලෝකෙට පෙන්න පෙන්නා කරන්න ඕනෙ දෙයක් නෙවෙයිනේ. බුදුන් වහන්සේම දේශනා කරපු සමානාත්මතාවය අපි රකිමු. මේ පිළිම වහන්සේ වෙනත් සුදුසු තැනකට වැඩම කරවමු”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පසුගියදා  (22) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙහි (FCID) ප්‍රධානියා වශයෙන් ද වැඩ භාර ගත්තේය. බරපතළ මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිලි 500කට ආසන්න ප්‍රමාණයක් FCID යටතේ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර පසුගිය යුගයේදී මෙම විමර්ශන තුළ ද බරපතළ අක්‍රමිකතා, දූෂණ සිදුව තිබිණි. විමර්ශන නිලධාරීන් අතින් සිදු කෙරුණු අක්‍රමිකතා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලිපිගොනුවල සාක්ෂි සටහන් අතුරුදන් කිරීමේ සිදුවීම් ද මේ අතර වෙයි.

මෙහිදී නිලධාරීන් අයුතු ලෙස මුදල් ගැනීම් කිහිපයක්ද වාර්තා වූ අතර එවන් නිලධාරින්ද දඩුවම්ද ක්‍රියත්ම වූ අතර එවන් නිලධාරීන් සම්බන්දයෙන් අවධානයෙන් පසු වන්නැයිද උපදෙස් ලබා දී තිබේ.

ඒ සියල්ලම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකර, ඒවා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස රවී සෙනවිරත්න මහතා සිය පළමු නියෝගය ලබාදී තිබේ. මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට භික්ෂූන් වහන්සේලා වඩම්මවා, පිරිත් දේශනා කිරීමට ඇතුළු උත්සව අවස්ථාවක් ලෙස සූදානම් කිරීමට FCID නිලධාරීන් අවසර ඉල්ලා තිබුණත් රවී සෙනවිරත්න මහතා එය ප්‍රතික්ෂේප කර, තමන් සාමාන්‍ය පරිදි පැමිණ අත්සන් තබා වැඩ භාරගන්නා බව ප්‍රකාශ කර ඇත.

රවී සෙනවිරත්න මහතාට මීට පෙරත් කිහිපවතාවක් ම කෙටි කාලසීම සඳහා එහි වැඩබලන ප්‍රධානියා ලෙස කටයුතු කල හෙයින් ඔහු සියල්ල ගැන නියමාකාරයෙන් දැනුමත්ය. එමෙන්ම ඔහුගේ පත්වීම සම්බන්දයෙන් සෙසු නිලධාරින්ද දක්වන්නේ බලවත් කැමැත්තකි. එ ඔහුගේ මුදලට නොනැමෙන නිතිය අකුර ක්‍රියාත්මක කරවන ප්‍රතිපත්ති ගරුක  ක්‍රියා පටිපාටියට නිසාය.

AS.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here