ජනපතිගේ ජා.ආණ්ඩු යෝජනාවට එජාපයෙන් විරෝධතා

නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්චා සිදුවන බවට පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

එලෙස සාකච්චාවන් සිදු කෙරෙන නව ජාතික ආණ්ඩුවට එක්වී ඇමතිකම් ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග දැනට කටයුතු කරමින් සිටින මන්ත‍්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම පිරිස අතර දැනට ආණ්ඩුවට එක්ව සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස මෙන්ම දැනට විපක්‍ෂයේ සිටින පිරිසක්ද සිටින බව සදහන්ය. CGS කල විමසීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී පියල් නිශාන්ත ද පවසන්නේ අනිවාර්යෙන් ශ්‍රීලනිපයෙන් කට්ටියක් එජාපයට එකතු වන බවට ඔවුන්ටද ආරංචි වී ඇති බවයි.

නමුත් එජාපය සමග ජාතික ආණ්ඩුවකට එක් නොවන බව විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් සදහන් කර තිබෙන අතර ශ්‍රීලනිපයේ සාමාජිකයන් නැවත මෙලෙස එකතු වීම කෙරෙහි එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් දැඩි ලෙස විරුද්ධ වෙමින් පවතින බව ද මෙම ආරංචි මාර්ග වල සදහන් වේ.

ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවද මෙම වාර්තාවන්හි සදහන් වේ. එසේම ජනාධිපතිවරයාගේ පාර්ශවීය කිසිදු බාධාවක් ඇති නොකරන බවටද දැනුම් දී ඇත. නමුත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සහ එජාප සාමාජිකයන් බහුතරයක් මෙයට දැඩි විරෝධත්වය පල කරමින් සිටින බවත් ඔවුන්ගේ කැමැත්ත බවට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය මෙවර පිහිටුවන ජාතික ආණ්ඩුවට ශ‍්‍රීලනිපය නොවන වෙනත් පක්‍ෂ සහ සෙසු පක්‍ෂ එකතු කර ගත යුතු බවත්ය.

මෙලෙස ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දී යළිත් වතාවක් දේශපාලන තීන්දුවක් ගෙන ඇතැයි යන්න මෙවර සති අන්ත පුවත්පත් ද  වාර්තා කර තිබිණි. ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා බාධා නොකරන බවට මෙහිදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇති බව එලෙස මෙම වාර්තාවන්හි සටහන්ව තිබු බව මෙහිලා සදහන් විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑත දිනකදී ආණ්ඩුවේ පක්ෂ නායක හමුවක් කැදවමින් සදහන් කර ඇත්තේ ඇමති මණ්ඩලය තවදුරටත් පුළුල් කිරීමට ජාතික ආණ්ඩුව යටතේ කටයුතු කරන බවයි.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here