Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජේ.ඇලෝසියස් අත්අඩංගුවට

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුවන පරීක්‍ෂණ සදහා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සදහන් වන්නේ අත්අඩංගුවට පත් පුද්ගලයා අර්ජුන් අලෝසියස්ගේ පියා බවය.

මේ පිලිබදව අප පොලිස් මාධ්‍ය අංශයෙන් කල විමසීමේදී ඔවුන් සදහන් කාලේ තවම මේ පිලිබදව තිරතුරක් ලැබී නැති බවය.

මේ වසරේ පෙබරවාරි 4 වනදාට බැදුම්කර වංචාව සිදුවී වසර 4 සම්පුර්ණ විය .

අද වන විට මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.  ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළවය. අත්අඩංගුවට ගත් පිරිස අතරට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද අයත්. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දී ඇත්තේ ඔහු විසින් බවය.

මීට අමතරව පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට සත් අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුව ඇප මත මුදා හැරිණි.

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: