අධික උෂ්ණත්වය ගැන අනතුරු ඇඟවිමක්


අධික උෂ්ණත්වය පිලිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අනතුරු අඟවයි.

හෙට දිනයේ මෙලෙස උෂ්ණත්වය ඉහල යන්නේ වයඹ පලාත ,මන්නාරම ,ගම්පහ ,කොළඹ යන දිස්ත්‍රික්ක වලටයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා හා පුර්ව අනතුරඇඟවිමේ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ⁣ හෙට දිනය තුල ඉහත කි පලාත හා දිස්ත්‍රික්ක වලට අයත් බොහෝ ප්‍රදේශවලින් අධික උෂ්ණත්වයක් අපේක්ෂා කල හැකි බවයි.

මේ අතර ගතවු පැය 24තුල වාර්තා වු ඉහලම උෂ්ණත්වය කුරුණැගලින් වාර්තා නි ඇති අතර එහි අගය ,සෙල්සියස් අංශ ක 37.5යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here