Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුවට පරිසර සහතික නැහැ

අද දින හම්බන්තොට මිරිජ්ජවිල මුල්ගල් තබනු ලබන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය පරිසට හිතකාමී නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වියාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩි දුරටත් මෙසේ පවසයි.

රජය පවසන පරිදි සිමෙන්ති කම්හල පිළිබදව වන සත්‍ය කතාව අප සංවිධානය විසින් හෙලිදරව් කිරීමට තීරණය කල අතර එසේ කිරීමට අප තීරණය කළේ නිදහස් පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය ප්‍රමුඛම පාරිභෝගික අයිතියක් වන නිසා හා යහපාලන ආණ්ඩුවේ මහා බොරුව රටට නිරාවරණය කල යුතු නිසාමය.

මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ Accor Group Company යන සමාගම හා ඉන්දියාවේ තමිල්නාඩු සමාගමක් වන Silver Park International (Pvt) Ltd සමාගම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට සම්බන්ධකමක් ඇති මෙරට සමාගමක් වන Lanka Oil Refinery Ltd සමාගම සමග එක්ව තෙල් පිරිපහදුවක් සදහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එහෙත් එම අවස්ථාවේ රජය ප්‍රකාශ කළේ Lanka Oil Refinery Ltd සමාගමට තෙල් සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බවයිග එම හේතුව නිසාම එම වියපෘති යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.

පසුව සිංගප්පූරු වේ පිහිටා ඇති Silver Park International (Pvt) Ltd  සමාගම Oman Oil and Gas Company සමග එක්ව හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය සදහා වන යෝජනාව ශ්‍රී  ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ වහාම ආයෝජන මණ්ඩලය විසින් එම යෝජනාව පිළිගන්නේ නම් පරිසර සක්‍යතා වාර්තාවක් කැදවනු ලබයි. නැතහොත් මධ්යේම පරිසර අධිකාරිය විසින් හා වෙනත් ආයතන එක්ව තාක්ෂණික කමිටුවක් මේ සදහා පත්කරනු ලබයි. එහෙත් අනීතික ආකාරයට ආයෝජන මණ්ඩලයට බලපෑම් කළ Lanka Dockyard ආයතනයේ නිළයක් දැරෑ හා වර්තමානයේ ආයෝජන මණ්ඩලයේ නිළයක් දරන පුද්ගලයෙක් අමාත්‍ය මලික් සමර වික්‍රමගේ බලපෑම යටතේ ඉහත කී යෝජනාව පිළිගෙන පරිසර සක්‍යතා වාර්තාවක් කැදවන්නේ නැතිවම අද දින උක්ත ආයෝජන ගිවිසුමට අත්සන් කරන්නේ නීති විරෝධීවය.

පරිසරයට බලපාන අධිසංවේදී කාරණයකදී පරිසර සක්‍යතා වාර්තාවක් අනිවාර්ය වන අතර කලාපයට පමණක් කරන මූලික පරිසරයක් කිසිවිටකත් ප්‍රමාණවත් නොවේ. මෙම ව්යාකපෘතිය සදහා මේ වන විට ඇත්තේ පසුගිය රජය විසින් කලාපයට කරන ලද මූළික පරිසර වාර්තාවක් පමණි. හම්බන්තොට නගර සභාවේ අනුමැතිය පවා හිමිව නැත.
මෙම තෙල් පිරිපහදුව නිසා සංචාරක ආකර්ෂණයක් ඇති තංගල්ලල උණවටුනල හික්කඩුව යන වෙරළ තීරයෙන් විනාශ වීමට ඇති ඉඩකි.

කොළඔ වරාය නගර සැළැස්ම ආරම්භක අවස්ථාවේ දී රනිල් විකමසිංහ ප්‍රකාශ කළේ පරිසර සක්‍යතා වාර්තා නැති නිසා එම වියපෘතිය නවතා දමන බවයි. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යධූරය දරන වර්තමාන රජය විසින් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ ආයෝජන ගිවිසුමට අද දින අත්සන් කරන්නේ සහ මුල්ගල් තබන්නේ කිසුදු පරිසර අනුමැතියකින් තොරව වීම යහපාලනයේ මහ‌ා බොරැව හා දෙබඩි බව මුලු ලෝකයටම කියාපාමිනි.

නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්තිවරයා සදහන් කරන්නේ මිරිජ්ජවිල ඉදිකරන්නේ සිමෙන්ති කම්හලක් බවයි. එය සිමෙන්ති කම්හලක් නොව කොන්ක්‍රීට් අංගනයකි. ශී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 16 වගන්තියයට වැටෙන වියාපෘතියක් වගන්ති අංක 17 යටතේ වන අනුමැතියක් ලබා දීමට මැදිහත් වන්නේ මලික් සමරවික්‍රම ඒ අනුව විශාල බදු සහන රැසක් උක්ත සමාගමට ලැබේ. ඔහුන්ගේ ආරම්භයත් සමග මෙරට කොන්ක්‍රීට් කර්මාන්තයේ නියැලෙන සමාගම් වසා දැමීමට සිදුවේ.

කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට බොරැකීම හා මෙරට පරිසර විනාශ කරන වැඩපිළිවෙල වහා නවතා දමන ලෙසය. විල්පත්තුව හා සමානව මෙරට මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන අනුමත පරිසර සක්‍යතා වාර්තාවක් නොමැතිව ඉදිකිරීමට සූදානම් වන තෙල් පිරිපහදුවට එරෙහිව අප සංවිධානය විසින් අධිකරණය වෙතද යන්නෙමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: