Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වතුසේවක සටන ජාතික සටනක් කිරීමේ ජවිපෙ වෑයම

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රු.1000/= දිනාගැනීමේ සටන ජාතික සටනක් බවට පත්වී තිබේ.

පසුගිය කාලයේ වතු සේවක සංගම් පමණක් විසින් ගෙන ගිය අරගලය දැන් සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂවලද සහය ලැබෙමින් තිබේ.

ජවිපෙ නියෝජනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමයද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයද මෙම සටන් පාඨය සමඟ මුල සිටම අරගලයක නිරත විය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් නියෝජනය කරන වතු සංගම් මෙම සටන පාවාදීමෙන් පසු වුවද මෙම සටන අඛණ්ඩව කරගෙන යාමට ජවිපෙ වතු සේවක සංගමය කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේද විශේෂ අවධානයක් යොමු වූ අතර ජවිපෙ නායක අනුර දිසානායක දින කිහිපයක් හැටන් නගරයේදී වතු කිහිපයක සේවකයින් හමුවී තිබිණි. මේ අතර වතුකම්කරු ජනතාවගේ ඉල්ලීමට අනුව ජවිපෙ නායක අනුර දිසානායක නුවරඑළිය නගරයේදී වතු සේවකයින් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම හැටන් නගරයේ වතු සේවකයින් හමුවීමට ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක ඉදිරියේදී හැටන් නගරයේ සංචාරයක නිතර වීමට නියමිත බව ජවිපෙ පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: