යුධ අපරාධ චෝදනා එල්ල වන්නේ යුධ සමයෙන් පසුව සිදුවූ ඒවාට

වැරදිකරුවන්ට රට තුළ නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් උතුරේ දේශපාලකයන් ඊට එරෙහිව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රට තුළ යුක්තිය ඉටු නොවන්නේනම් එම ගැටලුව රටේ ඕනෑම පුරවැසියෙකුට ජාත්‍යන්තරය ඉදිරියට රැගෙන යෑමේ හැකියාව ඇති බව ද ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා පැවසුවේය.

එබැවින් දේශපාලනය මැදිහත් කරගැනීමකින් තොරව රටේ වැරදිකරුවන් වෙනුවෙන් නිසිආකාරව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම ගැටලුව නිරවුල් කරගත හැකි බව කියන ඔහු වැඩි දුරටත් පවසන්නේ යුධ අපරාධ පිළිබඳව ඇති සියළු චෝදනා යුද්ධය පැවති සමයේ සිදු වු සිදුවීම් නොව ඉන් පසුව සිදු වූ ඒවා බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here