Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

දකුණේ ඇල්ලූ කුඩු නැවත් මධුෂ්ගේ දැයි සැකයක්

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් රැගත් නෞකාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ්ට අයත් එකක් බවට සැකකරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා ප්‍රකාශ කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ නාවික හමුදාවේ සහයෝගය මත මෙම මෙහෙයුම දියත් කළ බවත් මෙම හෙරොයින් තොගය රැගත් නෞකාව ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානය හරහා මෙරට මුහුදු සීමාවට පැමිණ ඇත. මෙම නෞකාවේ ඉරාන ජාතිකයින් 09 දෙනෙක් සිට ඇති අතර මෙහෙයුම සිදුකරන අවස්ථාවේදී නැවේ තිබුණු හෙරොයින් කිලෝග්‍රෑම් 500ක් පමණ මුහුදට හෙළා ඇත.

දැනට සිදුකරමින් සිටින සෝදිසියේදී නෞකාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් පමණ සොයා ගෙන ඇති අතර නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම නැව මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් තිබේ. මෙම නෞකාවේ තිබු හෙරොයින් වල වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට විශ්වාස කෙරේ.

එමෙන්ම අනෙක් රට වල සිටිය මත්ද්‍රවය ජාවාරම් කරුවන් සොයා මේ වන විට මෙහෙයුම් දියත් වේ. උදර්පන නීතිය යටතේ රටවල් 6 ක මෙම මෙහෙයුම් සිදු කෙරේ.මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 50 දෙනෙකු පමණ මේ වනවිට ඉන්දියාව, ඩුබායි, එංගලන්තය, ජපානය, ඉතාලිය වැනි රටවල සැඟව සිටින බවට මේ වන විට තොරතුරු ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: