Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර මේ වන මත ගැටුම් උද්ගතව තිබේ.

ඒ පක්‍ෂ දෙක අතර අපේක්ෂකයා සම්බන්දයෙන් සහ ඔවුන් දෙපාර්ශවය පිහිටුවීමට යන සන්ධානය මූලික කර ගනිමිනි. ඒවාට අදාල සාකච්චා මේ වන විට ආරම්භව තිබේ.

පළමු සහ දෙවන සකච්චවන්හිදී විවිද මත ගැටුම් ඇතිවී ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි. ශ්‍රීලනිපය තම අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති යෝජනා කරද්දී පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා තිර ගෙන තිබීම මෙම විරෝධතාවයන්ට මූලික හේතුව වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට එළඹ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.

එමෙන්ම පක්‍ෂ දෙක තුල සාමාජිකයන් විවිද නම් යෝජනා කරද්දී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිදු වුන දෙවන සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගියදා සිදුවිය. මේ සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල හා උපදේශක මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස එක්විය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි අතර දෙපාර්ශ්වය අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙනුයි මෙහිදී සාකච්ඡා කෙරුණ අතර එහිදී අපේක්ෂකයා සම්බන්දයෙන්ද මත ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

මෙහිදී මූලිකව කරුණු 20ක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මීළඟ සාකච්ඡාව අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ කරුණු කිහිපයක් පිළිබඳ එකඟතා කිහිපයකට පැමිණි බවය.

කෙසේ වෙතත ලක්ෂමන් මහතා පවසන්නේ එකඟාවකට පැමිණිමෙන් පසු පක්ෂ දෙකේ නායකයින්ගේ එම එකඟතාවය මත එක් අපේක්ෂකයෙකු නම් කිරිමට කටයුතු කරන බවයි.

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: