විල්පත්තු බිම් අගලක්ම ආරක්ෂා කරනවා.ත්‍රිපිටකාභි වන්දනාවේදි ජනපතිගෙන් පොරොන්දුවක්

ගත වූ වසර හතරක කාලයේදී එනම් තමා බලයට පත්වූ පසු විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිවෙකුටත් දී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම කාලය තුළ කිසිදු පුද්ගලයකුට හෝ සංවිධානයකට විල්පත්තු රක්ෂිතයේ ඉඩම් ලබාදී නැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීම වෙනුවෙන් මහනුවර දළදා මාළිගාව අභියස පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසිය.

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්‍ෂණය කරන ලෙස ඉල්ලමින් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත්කිරීම හා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

ත්‍රෛතිකායික මහ නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී පැවති ජාතික පුණ්‍ය මහෝත්සවයේදී ජනාධිපතිවරයා විසින් එය මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හනා සිහර් හට භාර දුන්නේය.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස  මහතා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ රජයේ මැති ඇමතිවරුන් ආණ්ඩුකාරවරුන් විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here