Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විධායක අහෝසි කිරීමට අගමැතිගේ කැමැත්ත

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා මූලික එකඟතාවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළකර ඇති බව පැවසේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් කෙටුම්පත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැති සමග සිදුකල සාකච්චාවේදී මෙම තීරණය ගෙන ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
එජාපය විධායකය අහෝසි කිිරීමේ ස්ථාවරයක සිටියද එම පක්ෂය මේ වනවිට තවත් පක්ෂය කිහිපයක් සමගින් එක්සත් ජාතික පෙරමුණ ලෙස ක්‍රියාත්මක වන බැවින් සෙසු පක්ෂවල අදහස්ද සැලකිල්ලට ගතයුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව සදහන් වේ. එම පක්ෂවලට ස්ථාවරයද සලකා බැලීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ තීරණය දැනුම් දෙන බව අගමැතිවරයා ජවිපෙ නායකයන්ට පවසා ඇත.
කෙසේ වෙතත විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට එජාපය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අගමැතිවරයා පැවසූ බව ජවිපෙ සාමාජිකයකු CGS අප සමග පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණ විධායකය අහෝසි කිරීම සම්බන්දයෙන් පසුගියදා සාකච්චා ආරම්භ කල අතර ඔවුන් විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මෙන්ම දමිළ ජාතික සන්ධානය සමගත් සෙසු සුළු පක්‍ෂ සමගත් මේ වන විට සාකච්චා බොහොමයක් නිල නොවැම මට්ටමෙන් පවත්වා අවසන්ය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර දිසානායක, විජිත හේරත් සුනිල් හදුන්නෙත්ති , නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් මෙම සාකච්චා සදහා සහභාගි වී තිබේ.
ඒ අනුව ඔවුන් ඉදිරි දිනවලදී රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන් යන පක්ෂ නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.
AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: