Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මැයි දිනට පෙර එජාපයේ සන්ධානයට එළියට

එළැඹෙන මැයි දිනයට පෙර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ වලින් සමන්විත පුළුල් සන්ධානය ප්‍රකාශයට පත් කිරීමට එජාපය සුදානම් වෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත්වන බවට අතැමුන් ප්‍රකාශ කළද එය අසත්‍යයක් බවත් තමන් එවැන්නක් නොපැවසු බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබදව අදහස් දක්වමින් පවසයි.

තම පක්ෂයට නායකයන් පිලිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය අපේක්ෂකයා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරනු ඇති බවත් කියන අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදු ජන පෙරමුණේ සමාජිකයන් තම පාර්ෂවයේ සන්ධානයට සහ එහි වැඩපිලිවෙලට එකතුවන්ට එකඟත්වය පල කර ඇති බවද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: