නොදන්වා විදුලිය කපන්න බැහැ. විදුලි කප්පාදුව තව දින 10ක්

විදුලිය බලාගාර සදහා ජලය ලැබෙන ප්‍රධාන ජලාශ 6 යෙහි ජාල මට්ටම මහතා වැටීම හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට හේතු වන බව විදුලිබල මණ්ඩලය පවසයි.
නොරෝච්චෝවල නිසා වරින් වර බිද වැටීම සිදු වුවත් එය යතා තත්වයට පත් කලද මෙලෙස විදුලි කිරීම් දිගටම සිදු විය.

මේ පිලිබදව අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් දක්වමින් පවසන්නේ ප‍්‍රදේශ කිහිපයක දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව තවත් දින 10ක් පමණ සිදු කරන බවයි.

අමාත්‍යවරයාගේ අදහස් මෙසේයි.

“ඉල්ලුමට වඩා සැපයුමක් තිබෙනවා. තව දින 10ක කාලයක් යනකම් මේ විදිහට විදුලි කප්පාදුව සිදු කිරීමට වෙනවා. ඒ වන විට මේ සඳහා අවශ්‍ය පිළියම් යොදා ගැනීමට හැකිවෙයි. දැනට භාවිතා කරන වායුසමීකරණ යන්ත්‍ර වගේම විදුලි බල්බ දෙකක් නිවා දමන්න පාරිභෝගිකයාට පුලුවන්නම් එය මේ අවස්ථාවේදී උපකාරයක් වෙනවා. 2014 වසරේ ඉදලා මේ වෙනකම් විදුලි ඉල්ලුම ගැන නිසි ඝණනයක් කිසිවෙකුත් සිදුකරලා නැහැ”.

මහජන උපයෝගීතා කොමිසමේ අවසර නොමැතිව, විදුලිබල මණ්ඩලයට හිතුමතේ විදුලිය විසන්ධි කිරීමට නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එසේම විදුලිය විසන්ධි කරන්නේ නම් ඒ පිළිබඳව ජනතාව කලින් දැනුවත් කළයුතු බව ද මහජන උපයෝගීතා කොමිසම අවධාරණය කරයි.
පසුගිය දින කිහිපය තුළ හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබුණු බවයි එම ආයතනයේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජෙනරාල් ජයනාත් හේරත් මහතා පවසන්නේ. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් ලිපියක් මගින් ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කර තිබේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ සිදු වූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සහ ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත විදුලි කප්පාදු සම්බන්ධයෙන්ද සවිස්තර වාර්තාවක් ඉ්ලලා තිබේ.
කෙසේ වෙතත් විදුලිබල ඇණහිටීම් අවම කිරීම සඳහා මණ්ඩලය විසින් ගෙනඇති පියවර මෙන්ම අනාගතයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා යෝජනා ද එම වාර්තාවට ඇතුළත් වියයුතු බවද ජයනාත් හේරත් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here