Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝඨා ජනාධිපති වුණොත් මේ රට ලේ විලක්

රාජපක්ෂලා සුද්ධෝදනලා නොවෙයි
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වුවහොත් මේ රට නැවත ලේ විලක් බවට පත්වන බව මර්වින් සිල්වා මහතා පවසයි.
තොණ්ඩුවක් සූදනම් කරගෙන මළගමට සූදානම් වී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් කළයුතු බව ඔහු ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් අදහස් දක්වමින් පවසයි.
රාජපක්ෂලාට සුද්ධෝදන පවුල විය නොහැකි බවත්, රාජපක්ෂලා සියලු දෙනාට වංචා, දූෂණ, අපරාධ සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති බවත් පවසන හිටපු ඇමතිවරයා ශ්‍රීලනිපයේ වෙල්ගම, නිමල් සිරිපාල වැනි පැරණි නායකයන් සිටියදී ගෝඨාභයලා ජනාධිපති අපේක්ෂයකා බවට පත් කරන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කරලා කන්නද ?

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමෙන් රටට හෝ ජනතාව කිසිදු සෙතක් අත් නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ජනාධිපතිවරයා කළ යුතුව තිබුනේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම නොව එය ජනතාවට සමීප කිරීම බවට ඔහු සදහන් කරයි.

ත්‍රිපිටකය පන්සල්වලට බෙදා දී, පාසල් දරුවන් අතට පත්කර, සංඝායනාවක් සිදුකළ යුතුව තිබියදී ජනාධිපතිවරයා නිෂ්ඵල කටයුතු සිදු කරමින් සිටින බවයි මර්වින් සිල්වා මහතා පවසන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම ද ජනාධිපතිවරයාගේ තවත් කයිවාරුවක් පමණක් මිස ප්‍රායෝගික දෙයක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: