ඇලෝසියස් ගෙන් තවත් ලක්ෂ 506ක පොල්ලක්. වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළිකරයි..

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගමකට පනවා ඇති ලක්ෂ 506ක සුරා බදු මුදලක් ආණ්ඩුව විසින් අයකර ගැනීමට කටයුතු නොකර ඇතැයි ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ.

රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කොට ඇති විගණන වාර්තාවක මේ බව සඳහන් වී ඇති අතර 2015 මැයි මාසයේදී අර්ජුන ඇලෝසියස්ට මෙම බදු මුදල ගෙවීමට නිර්දේශ කොට ඇත.

එහෙත් මේ වන තෙක් ගෙවීට කටයුතු කර නැති අතර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රශ්න කළේය.

“ඒ විතරක් නෙවෙයි අර්ජුන් ඇලෝසියස් අයත් ස්කාගාරයකට කළුතර බේරුවල පැත්තෙන් පොල් ගස් 70,000කින් රා මදින්න අවසර දෙන්න මේ දවස්වල ආණ්ඩුවේ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බැහැලා වැඩ. මේ අය සුරා බදු දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා. පොල් ගස් 70,000ක් කියන්නේ පොල් අක්කර දහසක් විතර අයත් වෙනවා.” මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here