Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ස්වීට්සර්ලන්ත රජය මෙරට අධිකරණය අගයයි

ස්වීට්සර්ලන්ත සහ මෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීමට කැමැත්ත පල වී ඇත.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ස්වීට්සර්ලන්ත රජය විසින් පැසසුමට ලක් කර තිබේ.

මෙලෙස සාකච්චා සිදුවී ඇත්තේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack   මහතා අතර පැවති හමුවකදීය. එය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය ,පුහුණුවීම් ,නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම, වැනි කටයුතු  සදහා ස්වීට්සර්ලන්ත රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය පවසා ඇත.

ස්වීට්සර්ලන්ත රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: