වාසුගේ කැමැත්තට චමල්ට

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් නම් කර ඇත්තේ චමල් රාජපක්ෂ මහතාව බවත් වෙනත් කෙනෙකු නම් කර නොමැති බවත්  වාමාංශික පෙරමුණනායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එමෙන්ම පාර්ශ්වය තුළ වැඩි ජනප්‍රියත්වයක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් සදහන් කරන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැංවෙන සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවද අවධාරණය කරයි.

එසේ වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද සම නායකත්වයක් ලබාදිය යුතු බවට තමන් යෝජනා කරන බව ඉදිරි මැතිවරණ අපේක්‍ෂකත්වය හිමි විය යුත්තේ කාටද යන්නට පිළිතුරු දෙමින් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here