Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පුල්මුඩේ නොවිකුණන බවට ඇමතිගෙන් සහතිකයක්

ලංකා ඛනිජ වැලි සමාගම හෝ එම සමාගම යටතේ පවතින පුල්මුඩේ ඛනිජ වැලි නිධිය හෝ පුද්ගලික අංශයට පැවරීමටවත් විකුණා දැමීමටවත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය සම්බන්දයෙන් අමාත්‍යවරයා මේ කරුණු පැහැදිලි කළේය.

ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව ඒ මොහොතේ ටයිටේනියම් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 47.7%ක් වන ඉල්මනයිට් සඳහා ලබාගත හැකි ඉහළම මිල ගණන් ඉදිරිපත් කළ ඉන්දියානු ගැනුම්කරුවකුට එම ඉල්මනයිට් තොගය ලබා දුන්නේ 2018 ජුනි 22 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව විධිමත් ක්‍රියාපටිපාටියට අනුකූලව සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ලෙස බව අමාත්‍යවරයා අවධාරණය කරයි. පසුගිය වසරේදී ලංකා ඛනිජ වැලි සමාගම විසින් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 145.25 කට අලෙවි කළේ ඒ සඳහා ලබාගත හැකි හොඳම මිල අනුව බව අමාත්‍යවරයා සදහන් කරයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: