නාමල්ට විදෙස්ගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි සමාගමේ යෙදවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය කර තිබේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට මහාධිකරණය මඟින් යම් විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගයක් පනවා තිබේ නම් මෙම නියෝගය තුළින් ඊට බලපෑමක් සිදු නොවන බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here