Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

‘‘කිසිවෙකු මග නොහරිමු” ලෝක ජල දිනයදා පණිවිඩය

ලෝක ජල දිනය අදට යෙදී තිබේ.

‘‘කිසිවෙකු මග නොහරිමු’’ යන තේමාව මේවට තේමාව වේ. නියගයෙන් පීඩා විඳින්නන්, අවතැන්වූවන්, ආබාධිතයින්, මෙන්ම සනීපාරක්ෂක පහසුකම් අවම ප‍්‍රදේශවල ජනතාවට පවා පිරිසිඳු පානීය ජල අයිතිය ලබා දීම මෙහි ප‍්‍රධාන අරමුණක් වේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර ජල දිනයට සමගාමිව පවසන්නේ සමස්ත ලෝකය උග‍්‍ර පානීය සහ පරිභෝජන ජල අර්බුදයක ගිලී සිටින බවයි.

මේ මොහොතේ අපගේ අතීත ජල කළමනාකරණ උරුමයට අගයක් ලබා දෙමින් ජල මූලාශ‍්‍ර සුරැකීම සහ කළමනාකරණය අතිශය වැදගත් බවත් අගමැති කියයි.

පිරිසිදු ජලය නොමැති වීම හේතුවෙන් පාචනය වැනි රෝග වැළඳීමෙන් වයස අවුරුදු 05ට දරුවන් 700ක් දෛනිකව මිය යන අතර ලොව පුරා ග‍්‍රාමීය වශයෙන් වෙසෙන පුද්ගලයින්ගෙන් සියයට 80ක් පමණ ජලය ලබා ගන්නේ අනාරක්ෂිත ජල මුලාශ‍්‍ර වලින් බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වේ.

නවතම දත්ත වලට අනුව වසර 2030 වනවිට පිරිසිදු ජලය නොමැති වීම හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 700ක් අවතැන්වනු ඇති බවට ගණන් බලා තිබේ.

කෙසේවෙතත් ශ‍්‍රී ලංකාවේ පරිභෝජනයට ඇති ජලය සියයට 30ක් අපතේ යන අතර වරක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් පවසා තිබුණේ ජලය ගෙන යන නළ මාර්ගවල ඇති දුර්වලතා මෙම තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

ශ‍්‍රී ලංකාවට ලැබෙන ජලයෙන් පරිභෝජනයට ගැනෙන්නේ සියයට 03ක් පමණකි.

අද වනවිට ලොව පුරා පුද්ගලයින් බිලියන ගණනක් පිරිසිදු ජලය නොමැතිව ජිවත් වන බවයි ජාත්‍යන්තර දත්තවල දැක්වෙන අතර බිලියන 2 යි දශම 1 ක පිරිසකට තම නිවෙස් වලදී පවා බීමට හෝ පිරිසිදු ජලය ලැබෙන්නේ නැති බව සංකයා දත්ත පෙන්වා දෙයි. සෑම ප‍්‍රාථමික පාසල් හතරෙන් එකකටම පානීය ජලය නොමැති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයනිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: