එජාප මැයි රැළියට සියල්ල සුදානම්

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැළිය පැවැත්වීමටත්, එය පැවැත්වෙන ස්ථානය ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බව සිරිකොත මාධ්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත් කොළඹ නගර සභාව ඉදිරිපිටදී එය පැවැත්වීම සුදුසු බවට දැනට යෝජනා වී ඇත. එමෙන්ම මැයි දින රැළියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට කමිටුවක් පත් කෙරුණු බවත්, සභාපති, ලේකම්, නියෝජ්‍ය නායක, වෘත්තීය සමිති ලේකම්, ජාතික සංවිධායක යන පක්‍ෂයේ නියෝජිතයින් ඊට ඇතුලත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here