ස්වර්ණවාහිනීයේ නොසන්සුන්තාවක් (VIDEO)

ස්වර්ණවාහිනී රෑපවාහිනි ආයතනයේ අද නොසන්සුන්තාවක් උද්ගත විය.

ඒ ප්‍රධාන විධායක නිලධාරි මහේන් පෙරේරා මහතා පොලිස් ආරක්ෂාව යටතේ ආයතනයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදියි.

ස්වර්ණවාහිනී සේවක පිරිසක් පසුගිය දිනක වෘත්තිය සමිතියක් පිහිටුවාගත් අතර ඔවුන් බලපෑම් කළේ කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන ප්‍රධාන විධායක නිලධාරි මහේන් පෙරේරා ඉවත්කරන ලෙසයි.

කෙ⁣සේ නමුත් අදාල වෘත්තීය සමිතිය පිහිටුවාගත් සේවකයින් කිහිපදෙනෙක් සේවයෙන් පහ කිරිමට ආයතනයේ කලමනාකාරිත්වය පියවර ගෙන තිබුනි.

මෙහිදී ස්වර්ණවාහිනී කාර්යමණ්ඩලය අදාල සේවකයින් පහකිරීමට විරුද්ධව පෙනී සිටි අතර එහි ප්‍රතිඵලය ලෙස කළමනාකාරිත්වය නිවේදනය කර තිබුනේ ඔවුන් යලි සේවයේ පිහිටුවන බවත් මහේන් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කරන බවත්යැ .

කෙසේ නමුත් මහේන් පෙරේරා මහතා අද යළි සේවයට පැමින සිටියේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අයත් ශ්‍රී Fm,සහ e Fm ඇතුළු ගුවන්විදුලි නාලිකාවල ප්‍රධානියා ලෙසයි.

නමුත් ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලය ඊට විරෝධය පල කර සිටි අතර ඔවුන් කියා සිටියේ, මහේන් පෙරේරා මහතාට ආයතනයේ කිසිදු තනතුරක සේවය කිරිමට ඉඩ නොදිය යුතු බවයි.

එසේ නොමැති වුවහොත් ඔහුව සේවකයින් විසින් ඉවත් කිරිමට කටයුතු කරන බවටද කාර්ය මණ්ඩලය,කලමනාකාරිත්වයට පවසා තිබේ.

පසුව ආයතන කලමනාකාරිත්වය කල ඉල්ලීමකට අනුව පොලිස් ආරක්ෂාව යටතේ මහේන් පෙරේරා මහතා ස්වර්ණවාහිනී ආයතන පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here