විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සන්ධානයක්. ජවිපෙ රහස් සාකච්චා දිගටම  

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සුළු ප්‍රශ්න සමග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙමින් යන සකක්ච්චා සාර්ථක බව බව පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී 2/3 අනුමැතිය ලබැගැනීම සඳහා මෙම සාකච්ඡා මාලාව පැවැත්වේ.

දෙමළ ජාතික සන්ධානය සමඟ එම සාකච්චාව පසුගිය එකළොස්වැනිදා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත යන අය ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූ අතර මෙම අවස්ථාවට ටී.එන්.ඒ සංවිධානයට අයත් පක්ෂ 07ක් නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්ථන් ඇතුළු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු සහභාගි වූහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව ටී.එන්.ඒ නායකයෝ ජවිපෙට දන්වා ඇති බව පක්‍ෂ සාමාජිකයකු අප සමග පැවසුවේය. එමෙන්ම මේ වන විට පොදුජන පෙරමුණ සමගද සාකච්චා සිඋ කර අවසන් අතර අනෙක් සුළු පක්‍ෂ බොහොමයක් සමග පැවැත්වූ සකචාවන් සාර්ථක වී ඇති බව පැවසේ.

“රටේ සියලුම ජනකොටස් නියෝජනය කරමින් ඔවුන් පාලන බලය සඳහා සම්බන්ධ කරගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ සම්බන්ධයෙන් වන පුළුල් සාකච්ඡාවකට අපි එකඟයි. සියලුම ජන කොටස් සාධාරණ ලෙස පාලන බලයට සම්බන්ධ කරගන්න අවශ්‍ය බව මෙහිදී ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ  අදහස් වී තිබේ.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here