Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විදුලි අර්භුදයක. ජාල මට්ටම් පහලට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් විදුලිය ලබා දීම වලට බාධා ඇති විය හැකි බවද වාර්තා වේ. එ අනුව විදුලි බල මණ්ඩලය ඉල්ලු පරිදි දහවල් කාලයේදී පැය 3කුත් රාත්‍රී කාලයේදී පැයකුත් විදුලිය කැපීම සලකා බැලීමට යන බවද පැවසේ. කෙසේ වෙත්ත වැසි නොලැබුනොත් මේ තත්වය බරපතල වන බව වාර්තා වේ.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බවයි.

මේ අතර මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට හෙට සිට පරික්ෂණ මට්ටමින් කෘත්‍රිම වැසි ඇති කිරිම නියමිතය. තායිලන්ත රජයේ අනුග්‍රහයෙන් ඒ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් පසුගිය වසරේ සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: