නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ජාතික වැටුප් හා සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇත. අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ලබන 25 වනදා සිට  ක්‍රියාත්මක වන පරිදි මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර බව වාර්තා වෙයි.

සී.පී සිරිවර්ධන, දමිතා ද සොයිසා, ලලිත් කන්නන්ගර, ජනක සුගතදාස,විත්‍රාංගනී  වාගීස්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප්‍රනාන්දු ජි.එස්. එදිරිසිංහ, එම්.සී වික්‍රමසේකර, වෙද්‍ය පාලිත අබේකෝන්, ඩී. ආබේසූරිය සහ ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් එම කොමිෂමේ සෙසු සාමාජිකයින් වෙයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම එම කොමිෂන් සභාවේ කාර්යය වෙයි. අදාල අති විශේෂ ගැසට් නිවේදයට අනුව මීට ඉහතදී ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබූ ජාතික වැටුප් සහ සේවා සංඛ්‍යා කොමිෂන් සභාවේ කාලය මේ මස 24 වනදායින් අහෝසි වනු ඇත.

 

1 COMMENT

  1. මේ පත්කර ඇති නියොජිතයො කොපමන මහන්සිවෙලා යම් යොජනා අදනස් ඉදිරිපත් කලත් මේ රටේ දැනට තියන වැටුප් විශමතාවය ඉදිරියෙදි විසදිමට පුලුවන් චෙයැයි විස්වාස කල නොහැක ස්තුතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here