විදුලි බිද වැටීම් අවසන්. රවීගෙන් විසදුම් රැසක්

නොරොච්චෝලේ බලාගාරයේ ඇතිවූ හදිසි අක්‍රිය වීම් මේ වන විට යතා තත්වයට පත්වී ඇති බැවින් එම විදුලිය ජාතික විදුලි සැපයුම් පද්දතියට සම්බන්ද කර ඇති බව විදුලි බල ශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් දෙවන අදියරේ යන්ත්‍රයක සිදුවූ පරිපථවල බිඳවැටීම ශ්‍රී ලාංකික ඉංජීනේරුවන් විසින් නිදිවරමින් 18 රාත්‍රියේ සිට 19 අළුයම දක්වා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.

මෙලෙස සිදු වන විදුලි ගැටළුවට පියවර රැසක් ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව CGS අප කල විමසුමේදී විදුලි බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම විදුලි ජනනයට තිබෙන දුර්වලතා, ගැටළු හදුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් එම තත්ත්වයන් මගහැරලා, පුනර්ජනනීය විදුලි ජනනය කිරීම වර්ධනය කිරීමට රජයේ මුලික අරමුණ බවද ඔහු කියයි. ඒ සදහා චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා  බව ද  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා CGS වෙත වැඩි දුරටත් පැවසුවේය.

පරිසර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මෙම බලාගාරය මගින් පරිසරයට කිසිදු හානියක් නොවන අතර ඒ අනුව උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කර, උසාවියේ නියෝගයක් මත නීතියේ අවසර ඇතිව, චුන්නාකම් බලාගාරය ක්‍රියාත්මක කර, මෙම බලාගාරයෙන් උත්පාදනය කළ හැකි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට හැකි ඉක්මණින් එක් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට අමාත්‍ය රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස්ලබා දී ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here