විදුලි ඉල්ලුමට සැපයුම ප්‍රමාණවත් නැහැ

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය මේ වනවිට පද්ධතියට එක්කර තිබුනත් ඉහළ විදුලි ඉල්ලුම සැපයීම පහසු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන මහතා වැඩි දුරටත් පවසන්නේ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතා කරන්නට යොමුවන ලෙසත් අනවශ්‍ය ලෙස විදුලිය නාස්ති වන්නේ නම් වහාම ඒවා නතර කර ගන්නා ලෙසත්ය.

එම නිසා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන සියලු විදුලි පාරිභෝගික ජනතාවගෙන් නවත්ත ඉල්ලා සිටියි.

ප‍්‍රමාණවත් තරම් වැසි නොලැබීම නිසා විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ කිහිපයක ජල මට්ටම ඉකුත් දිනවල සීඝ‍්‍රයෙන් පහල බැස අතර ජාතික විදුලි අවශ්‍යතාවයෙන් මේ වනවිට ජල විදුලිය නිපදවෙන්නේ සියයට 16.2ක් පමණි.

විදුලිය සියයට 52කට වැඩි ප‍්‍රමාණයක් ඛණිජ තෙල් උපයෝගී කර ගනිමින්ද සියයට 31ක් ගල් අඟුරු උපයෝගී කර ගැනිමිද නිපදවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here