ලොව සතුටින්ම සිටින්නන් අතර ශ්‍රී ලාංකිකයින් 130 වැනි ස්ථානයේ

ලොව සතුටින්ම ජීවත්වන පුද්ගලයින් වෙසෙන රටවල් අතර ශ්‍රී ලංකාවට 130 වන ස්ථානය හිමිව තිබේ.

ඒ අද එළි දැක්වූ 2019ලෝක සන්තුෂ්ටි වාර්තාවට (World Happiness Report) අනුවයි.

ශ්‍රී ලංකාවට ගිය වසරේ 116 වැනි ස්ථානය හිමිව තිබූ අතර මේ වසරේ එය ස්ථාන 14 කින් පසු බැස තිබේ.

ගිය වසරේ මෙන්ම මෙවරද ලොව සතුටින්ම ජීවත්වන්නන් සිටින රට ලෙස දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ෆින්ලන්තයටයි.

එහි දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත් තුවැනි ස්ථානය නෝර්වේ රාජ්‍යටත් හිමිව තිබේ.

ඇමරිකාවට 19 වැනි ස්ථානය හිමිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව එක් ස්ථානයකින් පසුපසට යෑමකි.

2018 වසරේ 86 වැනි ස්ථානය හිමිකරගත් චීනය මෙවර 93 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

ඉන්දියාවට මෙවර 140 වන ස්ථානය හිමි වනවිට පකිස්තානය 61 වැනි ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි.

දර්ශකයට අනුව සන්තුෂ්ටිය අතින් දුර්වලතම රාජ්‍ය ලෙස දකුණු සුඩානය නම් කර තිබේ.

එක්සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් මෙම වාර්තාව එලි දැක්වූයේ අදට යෙදී ඇති ජාත්‍යන්තර සන්තුෂ්ටි දිනයට සමගාමීවයි.

2016 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ ඒ ඒ රටවල් වල අදායම, නිදහස, විශ්වාසය, සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්ෂාව, සමාජ සහයෝගය හා ත්‍යාගශීලීත්වය යන කරුණු පදනම් කරගනිමින් මෙම වාර්තාව සකස් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here