මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ලදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රාජ්‍ය අනුග්‍රහය සහිතව ගාල්ල, හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම උත්සවය මැයි මස 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වේ.

මීට සමගාමීව මැයි මස 15 වන දින සිට 21 වන දින දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ(20) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථානවල භෞතික සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here