මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයක් මෙරට පිහිටුවීමේ යෝජනාවට ශ්‍රී ලංකාවේ විරෝධය

මෙරට තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලයක් පිහිටුවීම ඇතුළුව මානව හිමිකම් මහකොමසාරිස්වරිය ගෙන ආ යෝජනා කිහිපයක් ශ්‍රී ලංකාව විසින් අද ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අද පැවති විවාදයේදී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා කියාසිටියේ ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ස්ථිර කාර්යාලයක් ඉදිකිරීම යුක්ති සහගත බව විශ්වාස නොකරන බවයි.

එමෙන්ම දශක ගණනාවක් පැරණි සංවේදී හා සංකීර්ණ කරුණු පිළිබඳව ඉක්මන් ප්‍රතිපල පෙන්වන ලෙස බලකිරීම තුළ එය අසාර්ථක වීමට හේතු විය හැකි බවද තිලක් මාරපන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා කියාසිටියේ ස්වෛරී රාජ්‍යක් ලෙස රටේ ජනතාව සඳහා තිරසර සාමයක් ලඟාකරදීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය දිය යුතු බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here