ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සහ අනිද්දා

පවතින වර්ෂාව සමඟ ඩෙංගු රෝගය බෝවිමේ අවදානමක් පැවතිය හැකි බව කීට විද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි .

මේ හේතුවෙන් ඩෙංගු අවම කර ගැනිමේ අරමුණින් හෙට සහ අනිද්දා ඩෙංගු මර්දන විශේෂ කෙෂ්ත්‍ර වැඩසටහනක් දියත් කිරිමටජනාධිපති කාර්ය සාධක බලකාය හා ඩෙංගු මර්දන ඒකකය තිරණය කොට ඇත.

ඒ අනුවකොළඔ, ගම්පහ ,කළුතර,පුත්තලම ,කල්මුණේ යන වැඩි ඩෙංගු අවදානමක් සහිත දිස්ත්‍රික්ක වල කොට්ටාශ 44ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙහිදි නිවාස ,වැඩබිම් ආයතන ,කර්මාන්තශාලා ,පාසැල් ඇතුළුපොදු ස්ථාන පරික්ෂාවට ලක් කෙරෙයි.මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 570 කගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙයි.

ඩෙංගු මර්දනය කිරිම සඳහා අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30 ක පමණ කාලයක් තම වටපිටාව පිරිසිදු කරන ලෙස ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here