කරන්නාගොඩගෙන් ප්‍රශ්ණ කිරීම් දිගටම

හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් මේ වන විට ආරම්හ කර ඇති ප්‍රශ්ණ කිරීම් දිගටම සිදු කෙරේ.

අදාල සිදුවීම ආරම්භයා එයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්දද යන්න පිළිබදව පිළිබදව ප්‍රශ්ණ කෙරෙන බව CID ආරංචි මාර්ග සදහන් කරයි.

2008 දී පිරිමි ළමයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදුව බවට නාවුක හමුදා නිලධාරීන් 14 දෙනෙකු ඊට සම්බන්ධ වී සිටි අතර ඉන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට මේ වන විට පමුණුවා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (7) මේ සිද්ධියේ 14 වැනි සැකකරු වන, යුද සමයේ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් රටේ ඉහළම අධිකරණය තීන්දුවක් දුන්නේය. සමහර විට ඒ, නඩුව අවසන් වන තෙක්ම ඔහුව අත්අඩංගුවට ගත නොහැකි බව විය හැකිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගනු ලැබීම වළක්වන්නැයි ඉල්ලා කරන්නාගොඩ ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම, රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ පසුගිය සති කිහිපයේ සිට විභාග කෙරිණි.

2009 මැයි මාසයේ කරන්නාගොඩ මේ කාමරය පරීක්ෂා කරන ලෙස ප්‍රධාන නිලධාරියෙකුට නියෝග කර තිබේ. එහිදී, ජාතික හැඳුනුම් පත් සහ විදේශ ගමන් බලපත්‍ර ගණනාවක් සහ විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගැනුණි. එහෙත් 2009 මැයි 28 වැනි දා කරන්නාගොඩ කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කළ පැමිණිල්ලේ, මුණසිංහගේ කාමරය බෙදාහදා ගත් මේ ‘නේවි සම්පත්’ හෙවත් ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ගැන කිසි සඳහනක් කරන්නේ නැත. එසේ සඳහන් කිරීමෙන් කරන්නාගොඩ වැළකී ඇත්තේ, තරුණයන් පැහැරගෙන යාමට ‘නේවි සම්පත්’ නැමැත්තා සම්බන්ධ බවට සැක කෙරෙමින් තිබියදී ය.

හිටපු නාවුක හමුදාපතිවරයා සැකකරුවෙකු වශයෙන් නම් කොට ඇත්තේ ප්‍රමාද වී බව, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ රොමේෂ් ද සිල්වා කියා සිටියේය. හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු නැතැයි අධිකරණයට කියා සිටි ජනාධිපති නීතිඥවරයා, කරන්නාගොඩට චෝදනා ගොනු කර ඇත්තේ දණ්ඩනීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ වන නිසා ඔහුට ඇප නොලැබෙන බවත් අධිකරණයට මතක් කර දුන්නේය.

කරන්නාගොඩව පටලවා ඇත්තේ විශ්‍රාමික නාවුක හමුදා නිලධාරීන් දෙදෙනෙකු දුන් කටඋත්තර දෙකක් මගින් පමණකැයි රොමේෂ් ද සිල්වා බොරු කීවේය. පැහැර ගත් දරුවන් මරා දැමීමේ කුමන්ත්‍රණයට කරන්නාගොඩ සම්බන්ධ බවට, හිටපු අද්මිරාල්වරුන් සහ හිටපු ඇමතිවරයෙකු ඇතුළු, අඩු වශයෙන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට සාක්ෂි වශයෙන් කටඋත්තර දී තිබේ.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here