Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අංගොඩ ලොක්කගේ බබීයා මාට්ටු

ප‍්‍රධාන පෙලේ තවත් මත්කුඩු ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

හෙරොයින් කිලෝග‍්‍රෑම් එකහමාරකට වැඩි ප‍්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් එකහමාරකට වැඩි ප‍්‍රමාණයක් ද සමග මලෙස කොටුවී ඇත්තේ ඉසුරු චමින්ද සමරතුංග හෙවත් කඩුවෙල බබී යන පුද්ගලයාය.

ඔහු කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ සාමාජිකයෙකු බව කියන ප‍්‍රින්ස් කොලම් නැමැත්තාගේ සමීපතමයෙකු බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: