නොරෝච්ච්ලේ නිසා අදත් විදුලි බාධා

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය නිවැරදි කර ඇති නමුත් එය සම්පුර්ණයෙන් නිවැරදි වී නැති බව විදුලිබල අමාත්‍යාංශයේ නොයෝජිතයකු අප සමග පැවසුවේය.

ඒ අනුව ඒ පිළිබදව CGS අප කළ විමසුමේදී  මාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය නිවැරදි කර ඇති බවය. නමුත් අද (19) දිනයේ ද යම් යම් විදුලිසැපයීමේ බාධා සිදුවිය හැකි බවද ඔහු සදහන් කළේය.

මෙම විදුලි බිද වැටීම් ඊයේ (18) පෙරවරුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් හට ගත් අතර එහිදී පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් ප්‍රදේශවලට පස්වරුවේ විටින් විට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවේය. කෙසේ වෙතත අද දවසේද උදැසන සිට විදුලි බිද වැටීම් සිදු වීමෙන් දිවයිනේ ප්‍රදේශ වලට විදුලි බාධා තිබිණි.

මෙම බලාගාරය චීන වියාපෘතියක් ඔස්සේ ක්‍රියාවට නැගුවක් වන අතර එය ආරම්භයේ සිටම දෝෂ මතු වීමෙන් නොයෙන් අවස්ථා වන්හිදී මෙලෙස විදුලි සැපයුම් අඩාල විය. එම දෝෂ තව දුරටත් මෙලෙස මතු වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here