ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේදී විශිෂ්ටතම රංගනය නිල්මිණි සිගේරාට

ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන “යශිකෝ මුතු” සම්මානය දිනා ගත්තාය.

ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන් මාර්තු 08 වන දින සිට මාර්තු 17 දින දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවරදී පැවැත්විණි. සම්මානිත ලේඛක සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත “අසන්ධිමිත්තා” නවකථාව ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මෙම චිත්‍රපටය නිපදවා තිබේ.

ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතුවලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි. නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර, ඇය රඟ පෑ පළමු චිත්‍රපටය මෙය වේ.

ඇය අද(19) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය, අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා ඇතුළු නළුනිළියන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here