ගොවින් ජාතියේ අනාගතයයි. ජනපති ගොවි අභිමන් ජනාධිපති සම්මාන උළෙල අමතමින්

ඔබට අප ණයගැති බැවින් ඔබ ජාතියේ අනාගතය සඳහා ඔබේ ජීවිතය කැප කරන බැවින් මේ අභිමන් උළෙල ඔබ වෙනුවන් බව 2018 ගොවි අභිමන් ජනාධිපති සම්මාන උලෙළ අමතමින් ජනපති කල ප්‍රකාශ කරයි.

උළෙල අමතමින් ජනපතිගේ කල කතාව මෙසේයි.

ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වනවා. ඒ වගේම මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව පී. හැරිසන් මැතිතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට මා ස්තූතිවන්ත වෙනවා. ගොවීන් ඇගැයීමට ලක් කරමින් අභිමන් උළෙලක් පැවැත්වීමට හේතු රාශියක් තිබෙනවා. ඔබේ අභිමානවත් බවට අභියෝගයක් තිබෙනවා. ගොවියාගේ අභියෝගය ගොවියාට පමණක් නෙවෙයි ජාතියේ අනාගතය සඳහා අභියෝගයක්. ගොවියාට අභියෝගයක් වී තිබෙන කරුණු අතරේ ප්‍රශ්න රාශියක් ඔබ අප හඳුනාගෙන තිබෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීමත් ඒ ප්‍රශ්නවලට විසඳුම් දීමත් මේ අභිමන් උලෙළ පසුපස තිබෙන තවත් වැදගත් කාර්යයක් බව ඔබ දන්නවා.

අභිමානය සියලු දෙනාට තිබිය යුතුයි. සිවිල් පුරවැසියෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට මෙන්ම ඕනෑම වෘත්තියක නියැලෙන පුද්ගලයෙකුට සිය වෘත්තීය සහ වෘත්තික අභිමානය තියෙන්නට ඕනෑ. එම අභිමානයට යම් අභියෝගයක් එල්ල වෙනවා නම් එය අප විසින් තේරුම් ගත යුතුයි. අද ගොවියෙක් ලෙස ඔබට තිබෙන ප්‍රශ්නය ලෝකයේ සෑම රටකම ගොවි ජනතාවට තිබෙනවා. මම අද ලංකාවට ආවේ කෙන්යාවේ ඉඳලා. කේන්යාවේ ගතකළ දවස් දෙක තුන ඇතුළත කෙන්යා ජනාධිපතිතුමා සමග මම පෞද්ගලික සහ නිල සාකච්ඡා කිහිපයක් සිදුකළා. බොහෝ වගතුග කතා කළා. ඒ රටත් අපේ රට වගේම රටක්. ඒ රටේ ජනතාවගෙයි අපෙයි පාටවල පුංචි වෙනසක් තියෙනවා. ඒ ඇරෙන්න සියලු ආකාරයෙන් සමානත්වයක් තියෙනවා. භූගෝලීය වශයෙන් භෞතික වශයෙන් කාලගුණික දේශගුණික පසුබිම් වශයෙන් ඒ සියල්ල ගත්විට. මම එතුමාගෙන් ඇහුවා කෘෂිකර්මාන්තයට ඔබේ රටේ තිබෙන ප්‍රශ්න මොනවාද කියලා. එතුමා මගෙන් ඇහුවා ඔබේ රටේ අලි ඉන්නවාද කියලා.

මම කිව්වා 7000 ක් විතර ඉන්නවා කියලා. මම ඇහුවා ඔබේ රටේ අලි කොච්චරක් ඉන්නවාද කියලා ඔහු කිව්වා 34000 ක් ඉන්නවා කියලා. ඊට පස්සේ මම කිව්වා මගේ රටේ ගොවීන්ට තිබෙන ප්‍රශ්නය වගේ හත් අට ගුණයක් ඔබලාගේ රටේ ඇති නේද කියලා. ඒ ප්‍රශ්නය ඒ විදියමයි කිව්වා. එක බරපතළ ප්‍රශ්නයක් කිව්වා. මම කිව්වා අපේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය ආහාර නිෂ්පාදනයේ දී තිබෙන ප්‍රශ්න අතර සතුන්ගෙන් සිදුවන හානි කියලා. එතුමා මගෙන් ඇහුවා වඳුරෝ රිලව් ඉන්නවාද කියලා. එහෙත් මෙහෙ වගේමයි. ඉතින් මම ඇහුවා වඳුරන්ගෙන් රිලවුන්ගෙන් තියෙන කරදරයට මොනවද විසඳුම් කියලා. එතුමා මට විසඳුමක් කිව්වා මම ඒක මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඒක දිග කතාවක්. මම බලාපොරොත්තු වෙනවා ලබන සතියේ පොළොන්නරුවේ ලක්ෂ උයනේ පිහිටි මගේ පලතුරු වගාවට වඳුරන්ගෙන් රිලවුන්ගෙන් වන හානියට කෙන්යා ජනාධිපතිතුමා කී දේ අත්හදා බලන්න.

එතකොට ඔබට එය ආරංචි වෙයි. අපිට සතුන්ගෙන් තියෙන හානිය බරපතළ ප්‍රශ්නයක්. ගොවියාගේ ආර්ථිකය ගොවි ණය බර මේ සියල්ල සමග තමයි ඔබේ අභිමානයට කැළලක් එක් කර තිබෙන්නේ. ආර්ථිකයේ ඇතිවන කඩාවැටීමට විවිධ හේතු ගණනාවක් තිබෙනවා. ඒවා බරපතළ දේශපාලන ප්‍රශ්න විදියට හඳුන්වනවා. නමුත් දේශපාලන ප්‍රශ්නවලට වැඩියෙන් ගොවියා අද මුහුණ දෙන්නේ ස්වභාව ධර්මයාගේ ප්‍රශ්න එක්කයි. පසුගිය දවසකට සේනා දළඹුවාගේ ප්‍රශ්නය ආවා. මම පෙරේදා කෙන්යාවේ පැවති සමු`එවේ කළ කතාවේ දී මම ඒ ගැනත් සඳහන් කළා. මේ දලඹුවා පිළිබඳව මොන විදියේ විග්‍රහයන් කළත් මගේ දැනුමේ හැටියට මම කියවලා තියෙන විදියට කාලගුණික දේශගුණික විපර්යාසවලින් බිහි වූ සතෙක්. ඒ ඇරෙන්නට විස්මයජනක හෝ කෙනෙක් ගෙනත් දාපු සතෙක් නොවන බවයි මගේ පෞද්ගලික විශ්වාසය. කාලගුණික දේශගුණික වෙනස්වීම් තුළ මේ රටේ ගොවි ආර්ථිකය කඩා හැලීම පසුගිය වසර කිහිපය තුළ ඉතාමත් බරපතළ යි. මාස් කන්නයේ වැස්ස ආවා. එහෙත් ඊට කලින් ඔබ දන්නවා අපි සහල් පිටරටින් ගෙනාවා. සහල් පිටරටින් ගේනකොට සමහර අය නොයෙක් කතා කිව්වා. නමුත් රටේ ජනතාව බඩගින්නේ තියන්න පුළුවන්කමක් නැහැ.

රටේ භූමි ප්‍රදේශයෙන් තුනෙන් දෙකක් හරියටම නියඟය නිසා විනාශ වුණා. සමහර දිනවල කියන්නේ නැතිව අනුරාධපුරයේ ගම්වලට ගියා. ඒ අසරණ දුප්පත් ගොවීන් සමග කතාබහ කළා. අනුරාධපුරයේ ඈත එපිට ගම්මානයකට කියන්නේ නැතිව ගිහින් මාධ්‍යවල තිබුණ කරුණුත් එක්ක එතැනදි ගොවිමහත්වරුන් කියපු කරුණුත් එක්ක තමයි මම අර කැබතිගොල්ලෑවට එහා ඉතාම දුෂ්කර ගම්මානයක ඉදලා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට කතාකරලා කිව්වේ වහාම සහනාධාර දෙන්න පටන් ගන්න, මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියලා. මට මතකයි ඒ ගමේ ජනතාව මා ගාවට කිට්ටු වෙලා කියපු දේ. මට කිව්වා ජනාධිපතිතුමනි අපි ඉන්නේ බඩගින්නේ කියලා. තුන්වේලක් කන්න දෙන්න බැරි නිසා අපේ දරුවෝ වේලාසන නිදිකරවනවා. අපි දෙවේලෙන් පිරිමහා ගන්න දරුවෝ වේලාසන නිදිකරවනවා කිව්වා. ඒ නියඟයේ ප්‍රතිඵලය. නියඟය, ගං වතුර, සුළිසුළං දේශපාලනඥයෙකුට වෙනස් කරන්න පුඑවන් දෙයක් නෙමේ. ලෝකයේම අද මේ තත්වයට පත්වෙලා තිබෙනවා. කාලගුණික, දේශගුණික විපර්යාස මුඑ ජන ජීවිතය තුළ මුඑ ලෝකයේම බරපතළ කඩාවැටීමකට ලක්වෙලා තිබෙනවා.

ඒ නිසා සතුන්ගෙන් වෙන හානිය, කාලගුණික දේශගුණික විපර්යාස, තුළින් ඇතිවන ආණ්ඩුවේ ආර්ථිකය කඩාවැටීම, ගොවි ජනතාවගේ ජීවන තත්වය පහත වැටීම, මේ සියල්ල ඔබේ අභිමානයට අභියෝගයක්. අපි රජයක් විදියට මේ උළෙල පවත්වන්නේ ඇයි? මේ කඩාවැටෙන අභිමානයට මානසික තෘප්තියක් ලබාදෙන්න. අපි රජයක් විදියට දියහැකි පහසුකම් උපරිම මට්ටමෙන් ලබාදෙනවා. ඒකට කාටවත් නැහැයි කියන්න බැහැ. විවේචන තිබෙන නිදහස් සමාජයක. ඕන කෙනෙක්ට කතාකරන්න පුඑවන්. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. නමුත් මේ තිබෙන ප්‍රශ්න විරෝධතා වල සටන් පාඨවලට වඩා වෙනස් විද්‍යාත්මක විදියට තේරුම් ගන්න ඕන. රටේ කිහිප තැනක උද්ඝෝෂණ, පෙළපාලි තිබුණා වී මිළ වැඩිකරන්න කියලා. දැන් වසර 40 කට පෙර වී මිල කියද කියලා ඔබෙන් අහන්න කැමතියි. මට මතක විදියට රුපියල් 08 ට තිබුණා වී බුසලක්. අද වී මිල කියද. වී මිල වැඩිකිරීමට සාපේක්ෂව ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවාද? එහෙමනම් දේශපාලන වාසියට හෝ දේශපාලන හේතූන් මත සැබෑ ලෙස ගොවියාගේ ආර්ථිකය හඳුනාගෙන අපි වෙන්න පුඑවන්. වෙනත් ආණ්ඩු වෙන්න පුඑවන්.

මිල වැඩිවීම ප්‍රශ්නයට විසදුම ද කියලා සොයාබැලිය යුතුයි. ඊට වඩා අවශ්‍ය වන්නේ නිෂ්පාදනයට යන වියදම අඩු කිරීමයි කියන එකයි මගේ විශ්වාසය. වී කිලෝවක් වැඩි කළ ගමන් කම්කරු කුලිය වැඩි කරනවා. ටැක්ටර් සහ අනෙකුත් දේවල් වැඩි කරනවා. පොහොර සමාගම් වැඩි කරනවා. මේක තමයි ඇත්ත තත්වය. හෙට පත්තරේ තියෙයි දැන් මම මිල වැඩි කරනවාට විරුද්ධව කතා කළා කියල. නමුත් ප්‍රශ්නය තේරුම් ගැනීම අවශ්‍යයි. නිෂ්පාදන වියදම් අඩු කිරීමෙන් තමයි ප්‍රශ්නයට විසදුම් ලබාදිය හැක්කේ. අද දවසේ මීට වඩා ඔබ සමග කතාකරන්න සූදානම් නැහැ. විශේෂයෙන්ම ගොවි අභිමන් උළෙල ඔබට පමණක් නොව මුඑ ලක්වැසි සමස්ත ගොවි ජනතාවටයි. ඔබ එහි නියෝජිතයෙක්. ඔබේ අත්දැකීම්, අවබෝධය, දැනුම, තුළ ඔබේ කඳුළ, සුසුම්, රුධිරය මේ සියල්ල සමගයි ඔබ ජාතියේ අනාගතයට දායාද එක්කරන්නේ. ඒ නිසා ඔබට අප ණයගැතියි. ඔබ ජාතියේ අනාගතය සඳහා යි මේ ජීවිතය කැප කරන්නේ. ඒ නිසයි මේ අභිමන් උළෙල ඔබ වෙනුවන් පවත්වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here