ඒක වෙනස්ම ආර්ට් එකක්. ඩින්කා වුණු රුවන් පෙරේරා

කෝටිපතියෝ ටෙළි නාට්‍යයේ ඩින්කා හෙවත් රුවන් පෙරේරා හැමෝම දන්නා ජනප්‍රිය තරුවක්. Colombo Gazette Sinhala අප මේ කියන්නේ ඔහු ගැන,
ඩිංකා සහ ඩිලාන් අතර වෙනස කියන්නකෝ :
ප්‍රේක්ෂකයෝ දන්නවා මේ ඉන්නේ ඩිලාන් නෙවෙයි ඩිංකා කියලා. ඒ නිසා ප්රේරක්ෂකයන් තුල ඩිංකාට තිබුන ආකර්ෂණය, ආදරය සහ ප්‍රතිචාර අඩුවෙලා නෑ.
කෝටිපතියන්ට දෙවෙනි ඉනිම අභියෝගයක්ද :
කෝටිපතියන්ට දෙවෙනි ඉනිම අභියෝගයක් නෙවෙයි. මම දන්නේ නෑ දෙවෙනි ඉනිමට කෝටිපතියෝ අභියෝගයක්ද කියලා හැබැයි මම දැකලා තියනවා අපේ හාරකොටියට කෝටිපතියන්ට ආවේනික දෙබස් කියනවා.
රුවන් පෙරේරා එක තැනකට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද :
නැහැ. හාරකොටිය පටන් ගන්නකොට මම සීරජ, අනන්තා, සකි මුතුකුඩ කියන ටෙලෙනාට්‍ය වලටත් සම්බන්ධ වෙනවා. ඒවා තුල මම වෙනස් චරිත වෙනස් වෙනස් ආකාරයන්ට තමයි රඟපෑවෙ. ඉතින් මම එහෙම රාමුවකට කොටුවෙලා නැහැ . නමුත් හාරකොටිය, කෝටිපතියෝ ටෙලෙනාට්යන තුල රචකයාට අධ්ය ක්ෂකවරයාට අවශ්යත ලෙස ඩිංකා යම් රාමුවක ඉන්නවා නමුත් රුවන් එහෙම කොටුවෙලා නෑ.
රුවන්ට වඩා අඳුරන්නේ ඩිංකානේද : ඔව් ඩිංකා කිව්වම රුවන්ට වඩා දන්නවා. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම අඳුරනවා
හාරකෝටිය, කෝටිපතියෝ වුනා. හිතෙන්නේ නැද්ද දැන් ප්‍රේක්ෂකයින්ට මේක එපා වෙලා ඇදෙනවා වැඩියි කියලා :
නෑ එහෙම හිතන්න බෑ. මොකද හාරකොටියටත් වඩා කෝටිපතියෝ ratings වැඩි වෙලා තියනවා. මේ දවස්වල 7 ඉක්මවා ගිහින් ඉන්නවා ප්‍රේක්ෂකයින් තව තවත් කෝටිපතියන්ට එකතුවෙලා කියල තමයි එකෙන් පැහැදිලි වෙන්නේ.
ප්‍රේක්ෂකයන්ගෙන් ගෙන් ලැබුණු වෙනස්ම විදියේ තෑග්ගක් රුවන්ට තියනවද :
ඔව් මාතර තෙලිජ්ජවිල රවිඳු කියල මල්ලි කෙනෙක්ගෙන් ටී එකකින් කරපු ආර්ට් එකක් ලැබුන. ඒක වෙනස්ම විදියේ ආර්ට් එකක්
රුවන් කොහොමද චරිත තෝරාබේරා ගන්නේ :
මට කතා කරන චරිතේ මොකද්ද කියල බලලා, මට ඒකට සාධාරණයක් කරන්න පුළුවන් නම් මං ඒක තෝරාගන්නවා.
වේදිකාවට යන්න අදහසක් නැද්ද :
අදහසක් තියනවා. අපේ ප්‍රේක්ෂකයෝ කැමති චරිත ගොඩාක් එක්ක වේදිකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඉදිරි නිර්මාණ :
ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. අගෝස්තු මාසේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටයක් සහ ටෙලිනාට්‍ය හතරක් එන්න තියනවා.
සජීවී සංවාද සටහන – ගයත්‍රී මාගගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here