Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සංගීතඥ ජනනාත් වරකාගොඩ නිදහස්

කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැර තිබේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු මුදල් ඇප හා ශරීර ඇප මත මුදා හැර ඇති බව පොලීස් මාධ්‍ය අංශය පවසයි.පැවසුවේය.

පසුගිය 12 වනදා උදැසන කිරිල්ලවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවක් මෝටර් රථයට ගැටී මියගොස් තිබුණි.

සිද්ධියට අදාළව එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ජනනාත් වරකාගොඩ මහතා කඩවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අතර මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව අද (18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: