චීන වියාපෘතියක් වූ නොරොච්චෝලේ අක්‍රීයයි.රට අදුරේ

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති.

මේ නිසා අද දිනයේදී විටින් විට විදුලි විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදු විය.මිට ප්‍රධානම හේතුව  නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම බව අප කළ විමසුමේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසිය.

එම පරීක්ෂා කිරීම් අවසන් වන තෙක් යන්ත්‍රය අලුත් වැඩියා කිරීමට ගත වන කාලය ප්‍රකාශ නොහැකි බවද අමාත්‍යංශය පවසයි.

නොරොච්චෝලේ මෙලෙස වූ පළමු අවස්ථාව මෙය නොවන්නේය. පසුගිය කාලය පුරාවටම මෙවන් බිද වැටීම් සිදුවූ වාර තිබේ. මෙම බලාගාරය චීනයෙන් ලැබුණු වියපෘතියකි. චීනය විසින් ඉදිකළ සම්පුර්ණ වියාපෘතියක් වූ නොරොච්චෝලේ හදපු දා පටන් බිද වැටීම් සිදු විය. ඊට ස්ථිර විසදුමක් දෙන්නට තවමත් නිලධාරීන්ට හැකි වී නැත. ඒ නිසා මේ වන විටත් චීනයේ මෙම වියාපෘතිය හරහා නොයෙක් ගැටළු මතු විය.

අදටත් මෙලෙස මෙම බලාගාරය බිද වැටීමට මුලිකම හේතුව වන්නේ තාක්ෂණික දෝෂයන්ය. බලාගාරය අද දිනයේදීද අක්‍රීය වීම අරභයා සිදු කළ මූලික විමර්ශනවලදී එය අනාවරණය කර ගෙන තිබිණි. එමෙන්ම මෙහි පද්ධතිය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් එදා සිට නොතිබුණි. ඒවාට චීනයෙන් ක්‍රම හදුන්වා ඩි නොතිබිණි. කාලයක් පුරාවටම මේවා කතා කළ මාතෘකා බවට පත් වුවත් තවමත් අක්‍රීය වන චීන වියපෘති හරහා අසරණ ජනතාව පිඩාවට ලක් වේ. කෙසේ වෙතත් දැනට ජනතාව පත් වන අපහසුතාවයෙන් මිදීමට සිදු කළ හැකි වන්නේ පද්ධතිය සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයන් ගැනීමය.ඊට පිළියම පිළිබදව අප කළ විමසුමේදී අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කළේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කිරීම සිදුවන බවයි.

අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුවූ අතර තවමත් ඒවා නිසි අයුරින් යාවත්කාලින කිරීමට හැකි වී නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here