Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රිය අනතුරකින් සිව්දෙනෙක් මරැට


පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනකු ජිවිතක්ෂයට පත් වි ඇත.

අද අළුයම වැන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුවු බව අප කල විමසිමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේය.

අනතුරින් මිය ගිය අය අතර කාන්තාවන් ද සිටින බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබු තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ⁣ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: