Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රත්ගම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලීසියේ තවත් හතක් දැලේ


රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තවත් පොලිස් නිළධාරීන් 7 දෙනෙකු හා අඩවි වන නිළධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සිද්ධියට අදාලව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරසිටිති.

මංජුල අසේල හා රෂේන් චින්තක යන ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන් වූ බවට වාර්තාවූයේ මේ වසරේ ජනවාරි මස 23 වැනිදායි.

ඔවුන් දෙදෙනා ඝාතනය කර පසුව පුළුස්සා දමා ඇති බව පසුව විමර්ෂණ වලින් අනාවරණ විය.

ඝාතණයට ලක්වූ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට විශ්වාස කෙරෙන හිසකෙස් හා අස්ථි කොටස් වලස්මුල්ල මැදගම්ගොඩ රක්ෂිතයෙන් පසුව සොයා ගැනින.

මොවුන් පැහැරගත් බව කියන පුද්ගලයින් පොලිස් නිළ ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටි බවද විමර්ශන වලින් අනාවරණ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: