මෛත්‍රීපාල සුහදතාවය පළුදු වෙලා.එජාප අපේක්ෂකයා ගැන රවුෆ් හකීම් කියන කතාව

එක්සත් ජාතික පෙරමුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමඟ පැවති සුහදත්වය මේ වන විට පළුදු වී ඇති බව උසස් අධ්‍යාපන නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

එබැවින් ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ ශක්තිමත් අපේක්ෂකයෙකු යොදවා ජනාධිපතිවරණය ජය ගන්නා බවට උසස් අධ්‍යාපන නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යවරයා කියයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා,

“පසුගිය දින 52 ව්‍යාජ ආණ්ඩු සමයේ රටට විශාල හානියක් සිදුවූ බවත් එය හිටපු ජනාධිපති සහ වර්තමාන ජනාධිපතිවරයා එකතු වී සිදුකළ විජ්ජාවක් සිදු කළා. එක්සත් ජාතික පක්ෂය මේ වන විට තනිව ආණ්ඩුවක් පවත්වාගෙන යනවා. එමෙන්ම රටේ ජනමාධ්‍ය සංවර්ධන වැඩ කටයුතුවලට දායකත්වය ලබාදීම අඩුවෙන් සිදු කරන බවත් වැඩි වශයෙන් මන්ත්‍රීවරුන්ගේ කොකෙන් භාවිතය පිළිබඳව ජනගත කිරීමට උත්සාහ කරනවා”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here