Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මේ සතිය ත්‍රිපිටක සතියක් වුණේ ඇයි ජනපති පහදයි

ත්‍රිපිටක දර්ශනය කුමක්ද? යන්න පිළිබඳව මෙන්ම බුදුන් වහන්සේගේ ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළින් ලොව මතුවන සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ කෙසේද? යනාදී කරුණු පිළිබඳව හැකි අයුරින් මේ සමාජය මෙන්ම තරුණ පරපුර දැනුවත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම පිරිහෙන සමාජයට ත්‍රිපිටකය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම වැදගත් හෙයින් විශේෂයෙන් තරුණ පරපුර දැනුවත් කිරීමේ අවශ්‍යතාව මත ත්‍රිපිටක සතියක් නම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයට කර තිබෙන යෝජනාවට ආසියාතික බෞද්ධ රටවල් සහය දැක්වීමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කුලියාපිටිය උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් පවසා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: